ලැව්ගින්නෙන් කැලිෆෝනියාව උණුසුම්

නොවැ 12, 2018

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක හට ගෙන ඇති ලැව්ගිනි තත්වය, මේ වන විට විශාල ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබේ.

    ඊයේ සවස වන විට අක්කර එක් ලක්ෂ දස දහසකට ආසන්න ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 110 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

    තවත් දෙලක්ෂ පනස් දහසක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. ගින්නෙන් සිදුවූ දේපල හානිය අති මහත්. ගිනි නිවස බලධාරීන් පවසන්නේ, මේ වන විට පාලනය කර ගැනීමට හැකිව ඇත්තේ ගින්නෙන් 10%ක ප්‍රමාණයක් පමණක් බවයි. මේ දිනවල පවතින වියළි කාලගුණය සහ තද සුළං තත්වය, ගින්න වේගයෙන් පැතිර යාමට හේතුවී තිබේ.

    Latest News