චීනයෙන් නව කොරෝනා ආසාදිතයන් 75ක් හඳුනාගෙන තිබේ.

ජපානයේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,744ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බටහිර ග්‍රීසියේ පැලපනීස් ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇති වූ ලැව්ගින්න එම ප්‍රදේශයේ මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව, එරට මාධ්‍ය වාර්තා කරයි.

ඕමානයට අයත් මුහුදු කලාපයේ දී ඊශ්‍රායල නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊශ්‍රායලය චෝදනා කරන්නේ ඊට ඉරානය සම්බන්ධ බවයි.

අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 99,470ක්. අමෙරිකාව තුළ කොරෝනා වසංගතය යළි උග්‍ර අතට පත්ව තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසි කෝටියට ආසන්න බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ ඇතිවූ හදිසි ජල ගැලීම්වලින් 60 දෙනකු පමණ මිය ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා හමුදා සහය ලබාගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා විය.

ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ඊයේ සිදුව ඇත්තේ ඉන්දුනීසියාවෙන්.

ප්‍රංශය ලබන මස 9 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ටෝකියෝ නගරයේ දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

මියන්මාරය කොරෝනා වෛරස ‍ව්‍යාප්තියේ දැවැන්තම කේන්ද්‍රස්ථානයක් වුණු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂඥයෙකු අනතුරු අඟවනවා.

කොවිඩ් එන්නතේ සම්පූර්ණ මාත්‍රා ලබාගත් සංචාරකයන්ට එංගලන්තයට ඇතුළුවීමේදී නීති ලිහිල් කර තිබෙනවා.

පේරු රාජ්‍යය නව ජනාධිපතිවරයා ලෙස පෙද්‍රෝ කැස්ටිලෝ තේරීපත්ව තිබෙනවා.

ජපානයේ ටෝකියෝ නුවර කොරෝනා ආසාදනය ශීඝ්‍රයෙන් ඉහළ යන බව බලධාරින් පවසයි. ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන මොහොතක මෙලෙස වෛරස ආසාදිතයන් ඉහළ යාම බරපතල අර්බුදයක්.

ජපානයේ ටෝකියෝ නුවර කොරෝනා ආසාදනය ශීඝ්‍රයෙන් ඉහළ යන බව බලධාරින් පවසයි.

චීනයේ, ජන්සු හා ලියෝනීන් යන පළාත්වලින් නව කොවිඩ්-19 රෝගීන් 40ක් හඳුනාගෙන තිබේ.

ටියුනීසියාවේ ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා.

අමෙරිකාව කොරෝනා වෛරස පාලනය දී වැරදි දිශාවක් ඔස්සේ ගමන් කරන බව එරට වෛරස පාලන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසනවා.

Latest News