සමාජ මාධ්‍ය ජාලාවල පළවන විවිධ තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
මේ වනවිට රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇතැයි, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.
0112 44 44 47, 0112 33 70 39, 0112 33 70 42 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දෙමාපියන් හෝ භාරකරුවන් මිය යෑම නිසා අවතැන් වූ දරුවන් ගැන දැනුම් දීමට ඉහත දුරකතනය අංක 3 පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.
දෙවුන්දරින් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සමඟ ධීවරයින් 05 දෙනෙකු අතුරුදන්වී ඇතැයි අප වාර්තාකරු පවසයි.
කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට තමා සම්බන්ධ නොමැති බවත්, අවශ්‍ය නම් ඒ පිලිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත්, අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා පවසයි.
ත්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව "හදවත යා කෙරෙන රන් මාවත් වැඩසටහන" දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
ඡනාධිපති සහ අගමැති වරයාත් රඡයක් ලෙස රට තුල ඇතිවු තත්වය සම්පුර්ණයෙන්ම නිම කිරිමට අවශ්‍ය පියවර සියලල්ම ගෙන තිබියදී ත්‍රස්තවාදින්ටවත් නතර කිරිමට නොහැකි වු රට නතර කර දැමීමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ප්‍රකාශ නිකුත් කරණ බවත් ඵය සිදු කල නොකල යුක්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) උදැසන මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි විය.