ජාත්‍යන්තර දින ආශිර්වාද පූජාව අගමැතිතුමාගේ ප්‍රධානත්වගෙන් කැලණිය රජමහා විහාරයේ දී

මාර් 07, 2021

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව පවත්වන ආශිර්වාද පූජාව කැලණිය රජමහා විහාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයයන් අද (07) පස්වරුයේ පැවැත්විණි.

    ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ මෙම ආශිර්වාද පිකම සංවිධානය කර තිබිණි. අගමැතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බෝධීන් වහන්සේට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කැළණිය චෛත්‍ය රාජයාණන් වහන්සේ අග්‍රාමාත්‍යතුමා අතින් ආලෝකමත් ‍කෙරිණි.

    ආලෝක පූජාවෙන් අනතුරුව කැලණිය චෛත්‍යරාජයාණන් අභියස දී මෙම ආශිර්වාද පූජාව පැවැත්විණි. කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය ආශිර්වාද පුජාව පැවැත්වූහ.

    අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කළේය. ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණට සිවු වසරක් සැපරීම, කොවිඩ්-19 රෝගය වැළඳුණු රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ මෙම වසංගතය තුරන් වී සියලු ලක් වැසියන්ට ඉන් ආරක්ෂාවීමට ආශිර්වාද එක් කිරීම මෙම පිංකමේ ප්‍රධාන අරමුණකි.

    අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, ප්‍රසන්න රණතුංග, ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සභාපති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන සිසිර ජයයකාඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු, සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න, ප්‍රාදේශිය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සමාජික සාමාජිකාවන් ඇතුළු මහත්ම, මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News