පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කිරීම හාස්‍යයට කරුණක්; අමාත්‍ය කෙහෙළිය

මාර් 07, 2021

    පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබියදී, වගකීම් පැහැර හරිමින් විශාල ඛේදවාචකයක් ඇති වනතෙක්, දෑස් පියාගෙන සිටි අය පරීක්‍ෂණ ප්‍රමාදවීම ගැන ප්‍රශ්න කිරීම හාස්‍යයට කරුණක් බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ, මහනුවර සිරිමල්වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. මහනුවර, සිරිමල්වත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ නව බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද මහජන අයිතියට පත් කෙරිණ.

    මේ සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්‍ෂ 18ක මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබේ. ග්‍රාම නිලධාරී වසම් 80කින් සමන්විත කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ මේ වනවිට සේවා පියස හා බහුකාර්ය ගොඩනැගිලි 65ක් ඉදිකර තිබේ.

    2015 වර්ෂය වනවිට ඉන් ගොඩනැගිලි 65ක් ඉදිකර තිබිණ. අමාත්‍යවරයාගේ උපදේශක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය කහගල සීලානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News