මධ්‍යම පාන්තික පවුල් සඳහා නිවාස 5000 ක්

ඔක් 13, 2020

    මධ්‍යම පාන්තික පවුල් සඳහා නිවාස පන්දහසක් ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කෙරුණා.

    නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් එම නිවාස පන්දහස ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මතයි.

    ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

    කොළඹ බ්ලූ මැන්ඩල්, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, කොට්ටාව, පන්නිපිටිය, මාලබේ, මහනුවර හා අනුරාධපුරය ඇතුළු ස්ථාන කිහිපයක මෙම මහල් නිවාස පන්දහස ඉදිකිරීමට නියමිතයි.

    ඉදිරි මාස දෙක ඇතුළත ඉදිකිරීම් ආරම්භ කෙරෙන අතර, වසර තුනක් තුළ එම ඉදිකිරීම් අවසන් කිරීම රජයේ සැලසුමයි.

    මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 60 ක්.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News