සේවකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට උපදෙස්

ඔක් 13, 2020

    ඉදිරි දින තුන ඇතුළත සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කළ යුතු බව පොලිසිය සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ආයතන ප්‍රධානීන් වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තම සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකථන අංක යාවත්කලීන කිරීමට පියවර ගත යුතුය.

    මේ වනවිට රටේ උද්ගතව ඇති සෞඛ්‍ය තත්ත්වය මත මෙම දත්ත යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 13 ඔක්තෝබර් 2020 16:37

    Latest News