විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට රුසියානු රජයේ සහාය

ඔක් 13, 2020

    මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවනේ සෑම සහායක්ම ලබා දෙන බව රුසියාව පවසනවා.

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මතෙරි මහතා හා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතර හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි, රුසියානු තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

    රුසියාවේ පරමාණුක බලශක්ති නියාමන කොමිසම මගින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත දැනුම පුහුණුව ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සූදානම් බවයි, රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයාට සිය ප්‍රසාදය පල කළහ.

    Latest News