කොත්තු මුදලාලිට ඇප

අප්‍රේ 17, 2024
    කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

    ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතය. කෙසෙල්වත්ත පොලිසිය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    පොලීසිය පැවසුවේ, විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ විට වෙළෙඳසල් හිමියා රුපියල් 1,900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළෙඳසැල් හිමියා මෙලෙස ඔහුට බැන තර්ජනය කර ඇති බවයි.
    මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර පොලීසිය එම වීඩියෝ පදනම් කරගෙන සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
    අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Latest News