T20 ලෝක කුසලානය දිනා දශකයයි

අප්‍රේ 07, 2024

    2014 ‍වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශ‍යට හිමි වී තිබුණා.

    සුපිරි 10 වටයේදී දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, නවසීලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව අර්ධ අවසන් වටයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

    අවසන් තරගය පැවැත්වුනේ 2014 අප්‍රේල් මස 06 වනදා රාත්‍රියේ ඉන්දියාව සමග මීර්පූර් හිදීයි.

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඉන්දීය ඉනිම ලකුණු 130/4 කට සීමා කරන්නට කුලසේකර, මැතිව්ස්, සචිත්‍ර, හේරත් සහ නායක ලසිත් මාලිංග සමත් වුනා. විරාට් කෝලි ලකුණු 77යි.

    ලකුණු 131 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු වාර 17.5 කදී කඩුලු 4ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

    තරගයේ වීරයා නොදැවී ලකුණු 52ක් ලබා ගත් කුමාර සංගක්කාර. මෙය සංගාගේ සහ මහේලගේ අවසාන විස්සයි20 තරගයද වූවා.

    2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජූනි  මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර කණ්ඩායම් 20ක් තරග 55කදී උරෙනුර ගැටෙනු ඇති.

    Latest News