2021 දී කහ අවශ්‍යතාවට පිළිතුරු ලබාදිය හැකියි - රමේෂ් පතිරණ

ඔක් 13, 2020

    2021 වර්ෂය වන විට මෙරටේ කහ අවශ්‍යතාවය නිෂ්පාදනය කර ගැනීමට හැකි බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

    වසරකට මෙට්‍රික් ටොන් 2500ක මෙරට කහ නිෂ්පාදනය වූ අතර ඉදිරියේ දී එය මෙට්‍රික් ටොන් 6000ක දක්වා වර්ධනය කිරිමට හැකි බව ද පැවැසීය.

    ඇමතිවරයා මේ අඳහස් පළ කළේ, අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    එහිදි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ,වාර්ෂික රුපියල් කොටි 150 මුදලක් වැය කරමින් කහ රටින් ගෙන් වූ බවත්, මෙය දේශීය නිෂ්පාදනය ගැටලුවක් බැවින් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට කහ ආනයනය කිරිම තහනම් කළ බව යි.

     

    Latest News