රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන ඇරඹේ

ඔක් 12, 2020

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.

    ඒ, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු සොයා බැලීම සඳහායි.

    ඒ අනුව, ඊට අදාළ සියළු විමර්ශන ගොනු සමගින් අද දිනයේ තමන් හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට දැනුම් දී තිබෙනවා.

    Latest News