නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලැබුන විට කොළඹ මහාධිකරණයට එන්න නියෝග

ඔක් 12, 2020

    පසුගියදා ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබේ.

    ඒ අනුව, නෞකාවේ කපිතාන් තිරෝස් හිල්යාස් යන අයට එරෙහිව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කෙරිණ.

    ඒ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද විභාගයට ගත් අවස්ථාවේ.

    විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉකුත් 08 වැනි දින අධි චෝදනා ගොනුකෙරිණ.

    Latest News