රජයේ රෝහල් වල සායනික ඖෂධ නිවසටම

ඔක් 12, 2020

    රජයේ රෝහල් සායන වලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    ඒ, රටතුළ පවතින කොරෝනා වසංගතය තත්වය සැලකිල්ලට ගනිමින්.

    ඒ අනුව සායනික බෙහෙත් හෙට සිට නිවෙස් වෙත බෙදාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

    ගම්පහ සහ කොළඹ යන දිස්ත‍්‍රික්ක තුළ පළමුව මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර පසුව එය දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

    රටතුළ හිස ඔසවමින් ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රෝහල් සායන වෙත පැමිණීම සුදුසු නොවන බවයි, සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ.

    රෝහල්වල සායනවල ඇති අධික තදබදය හේතුවෙන් රෝගීන්ට කොරෝනා වෛරසය පහසුවෙන් ආසාදනය විය හැකි බවයි, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස් ශ‍්‍රීධරන් පැවසුවේ.

    Latest News