මීගමු බන්ධනාගාරයේ සැකකරුවෙක් ජීවිතක්ෂයට

අගෝ 18, 2020

    මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සැකකරුවෙකු මියගොස් තිබේ.

    ඊයේ රාත්‍රීයේ සැකකරු බන්ධනාගාරය තුළදී මියගිය බව බන්ධනාගාර නිලධාරීන් අද (18) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

    බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි, පවසා නිවසක් කොල්ලකෑමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයෙකු බවයි.

    සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ යට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා නියෝග කලේ, ඔවුන් අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

    එලෙස මියගොස් ඇත්තේ, දුමින්ද මුණසිංහ නමැති බඩල්ගම කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිද්ධියේ දෙවෙනි සැකකරු වන ලහිරු ප්‍රදීප් මදුසන්ක නමැත්තා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔහු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

    නඩුව ලබන ඔක්තෝබර් 06 වැනි දින යළි කඳවීමට නියමිතයි.

    අදාළ සැකකරුවන් මරදගහමුල හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගිය අවස්ථාවේ ගම්වාසීන් විසින් අල්ලා ඔවුන්ට පහර දී ඇතැයි, අද අධිකරණයේදී අනාවරණය වූ අතර ඒ පිළිබඳ විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

    Latest News