කහ හිඟයට කහ ආනයනයට අවසර

අගෝ 18, 2020

    මෙරට පවතින කහ හිඟයට පිළියමක් ලෙස ඉදිරි වසර එකහමාරක කාලයක් සඳහා කහ පිටරටින් ආනයනය කිරීමට අවසරය ලබාදෙන බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

    කහ හිඟය නැති කිරීම සඳහා එම වසර එකහමාරේ මෙරට කහ වගා කිරීමට කටයතු කරන බවත් රටට අවශ්‍යතාවයට පමණක් කහ ආනයනය කිරීමට අවසර ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙළ සකස් කරන බව ද ඔහු සඳහන් කරයි.

    Latest News