අමෙරිකාව දිනක් තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරයි

ඔක් 31, 2020

    අමෙරිකාවේ ඊයේ දිනක් තුළ එරටින් හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කළේය.

    එම අගය අනූ හතර දහසකටත් අධිකය. අමෙරිකාවේ දින දෙකක් තුළ පිට පිටම වාර්තාගත රෝගීන් හමුවීමක් පෙන්නුම් කරයි. ප්‍රාන්ත 21ක රෝගීන් වාර්තාවීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.

    මේ දිනවල පැවැත්වෙන ජනාධිපතිවරණ රැලි හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

    අද වනවිට ලෝකයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව, හාර කෝටි 60 ලක්‍ෂයකට ආසන්න වී තිබේ. මරණ සංඛ්‍යාව ද ලක්‍ෂ 12කට ආසන්නයි. වැඩිම ආසාදිතයින් වාර්තාවන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව, අනූ තුන් ලක්‍ෂ 16,000කට අධිකවේ.

    අමෙරිකාවේ මරණ සංඛ්‍යාව මේ වනවිට දෙලක්‍ෂ 35,000 ඉක්මවා තිබේ.

    Latest News