යු‍රෝපයට බලපෑම් කරන “හර්මිනියා”

ජන 27, 2025

     

    යුරෝපයේ බොහෝ කලාපවලට “හර්මිනියා” සුළි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.

    ස්පාඤ්ඤ සහ ප්රංශයේ ප්රදේශ රැසකට “හර්මිනියා” සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් සිදුවිය හැකි බවට කාලගුණ විද්යාස අංශ කහ අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කොට තිබෙනවා.

    පසුගිය සතියේ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ කලාප රැසක් සුළි කුණාටුවේ බලපෑමට ලක්වුණා.
     
    ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගිය අතර බොහෝ පිරිසකට දැඩි බලපෑම් එල්ල වුණා.
     
    එම සුළි කුණාටුවේ බලපෑමට හසුව “හර්මිනියා” කුණාටුවේ බලපෑමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
     
    “හර්මිනියා” සුළි කුණාටු තත්වය එංගලන්තයේ නිරිතදිග පරන් දේශ හරහා පැතිර යමින් පවතින අතර ප්රදේශ රැසකින් විදුලි විසන්ධිවීම් වාර්තා වී තිබෙනවා.
     
    අද දින නිකුත් කළ කාලගුණ අනතුරු ඇඟවීම්වලට අනුව උතුරු අයර්ලන්තය, වේල්සය සහ දකුණු ස්කොට්ලන්තය යන ප්රදේශවලට අධික වැසි වාර්තා වී තිබෙනවා.

    Latest News