පාසල් 350ක් වැසූ විෂ දුමාරය

ජන 26, 2025
    තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දුෂණ තත්වය හේතුවෙන් පාසල් 350කට අධික සංඛ්යාවක් වසා තැබීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

    වායු තත්ව දර්ශකයන්ට අනුව බැංකොක් නුවර ලොව 7වන වායු දුෂිත නගරය ලෙසයි ශ්රේණි ගත කර ඇත්තේ.

    තායිලන්තයට බලපා ඇති වායු දුෂණ තත්වය හේතුවෙන් පසුගිය සතියේ බදාදා වනවිට පාසල් 250ක් වසා තැබීමට බලධාරින් විසින් පියවර ගෙන තිබුණා.
     
    පසුව සිකුරාදා වන විට පාසල් 350ක් දක්වා වැඩි කිරීමට පියවර ගනු ලැබුවා.
     
    රජය රැකියා නියුක්තියන්ට ද දැනුම් දී ඇත්තේ, නිවසේ සිට වැඩ කරන ලෙසයි.
     
    නගරය තුළ බර වාහන සීමා කිරීමටද පියවර ගෙන තිබෙනවා.
     
    එරට මාධ්ය වාර්තා සඳහන් කරන්නේ රජය ඊයේ දිනයේ සිට ලබන 31 දක්වා බස් රථ, විදුලි දුම්රිය ඇතුළු පොදු ප්රවාහන සේවය ජනතාවට නොමිලේ සැපයීමට පියවර ගෙන ඇති බවයි.
     
    මාර්ගවලට පැමිණෙන පෞද්ගලික මෝටර් රථ සීමා කිරීම එහි අරමුණයි.

    Latest News