හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ජන 30, 2025
    ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (20) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබෙනවා.

    යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්රාප්ත වී ඇත.

    සේනාධිරාජා මහතා යාපනයේ පිහිටි නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
     
    මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය.

    Latest News