දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ඊ ටිකට් නීති විරෝධී ලෙස මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සංචාරක මඟ පෙන්වන්නෙකු ඇප මත
මුදා හරින ලෙස කොළඹ මහේස්ත්
රාත් අධිකරණය නියම කළා.
මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් මේ සැකකරු පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබුණා.
මෙම සැකකරු අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් ටිකට් පත් දෙකක් රුපියල් 27000/- මුදලකට විදේශිකයින්ට විකිණීමේ සිද්ධියක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.