බෙල්ජියම අඟුලු දමයි

ඔක් 31, 2020

    බෙල්ජියමේ සංචරණය සීමා කරමින් රට පුරා අඟුලු දැමීමට තීරණය කර තිබේ.

    ඒ, ඉහළ යන කොරෝනා ආසාදිතයින් පාලනය කිරීමේ අරමුණින්. අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාරික ස්ථාන ලබන සඳුදා සිට දෙසැම්බර් මස මැද සතිය දක්වා වසා දැමීමට නියෝග කර තිබේ. සියළුම ජන ඒකරාශීවීම් සිව් දෙනෙකුගේ උපරිමයකට යටත් කළ  යුතුය.

    බෙල්ජියම මේ වනවිට යුරෝපයේ වැඩිම ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය පෙන්නුම් කරයි. මේ වනවිට එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා දැඩි අවදානම් තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News