භූ කම්පනයෙන් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි

ඔක් 31, 2020

    ඒජියන් මුහුදේ ඊයේ (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු මියගොස් බොහෝ අලාභ හානි සිදුව තිබේ.

    වෙරළබඩ ප්‍රදේශවල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර බියවූ මිනිසුන් වීදි දිගේ දිවගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.

    තුර්කියේ ඉස්මිර් නගරට දැඩි හානි සිදුවී තිබේ.

    නගරාධිපතිවරයා පවසන්නේ ගොඩනැගිලි 20 ක් පමණ සම්පූර්ණායන්ම කඩා වැටී ඇති බවයි.

    සුන්බුන් වලට යටවී සිටි 70 දෙනකු පමණ බේරාගෙන ඇත.

    භූ කම්පනය හේතුවෙන් 321 දෙනකු පමණ තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.‍

    නිරතුරුවම භූ කම්පන වලට ලක්වන රටක් වන තුර්කියේ ඉස්මිර් නගරයේ 1999 සිදුවූ 7.6 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයෙන් 17,000 ක් පමණ මියගියහ.

    Latest News