බ්‍රිතාන්‍යයෙන් නව කොරෝනා එන්නත සාර්ථක මට්ටමක

ඔක් 29, 2020

    කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් පිළිබඳව යළිත් විශාල අවධානයක් යොමුවී තිබේ.

    ඒ බ්‍රිතාන්‍යයෙන්.

    එරට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ සමාගම අත්හදා බලමින් සිටින එන්නතට අදාළව මෙම පුවත වාර්තා වේ.

    මෙම එන්නත තරුණවියේ අය තුළ මෙන්ම වියපත් පුද්ගලයන් තුළ ද වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ දැමීමට සමත්වී ඇතැයි, අත්හදා බැලීම්වලදී හෙළිවී ඇති බවයි, ඇස්ට්‍රාසෙනෙකා සමාගම පසුගිය සඳුදා (26) නිවේදනය කර ඇත්තේ.

    එමෙන්ම වියපත් පුද්ගලයන් තුළ එන්නත නිසා දරුණු ආකාරයේ අතුරු ආබාධ ඇතිවී නොමැති බව ද සඳහන්.

    Latest News