ප්‍රංශය දෙවන වරටත් වැසේ - ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්

ඔක් 29, 2020

    කොරෝනා වෛරස ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය දෙවන වරටත් වසා දැමීමට තීරණය කර තිබේ.

    ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සඳහන් කරන්නේ දෙසැම්බර් 01 වැනි දින දක්වා රට නැවත වරක් වසා තැබෙන බවයි.

    ප්‍රංශයේ රෝහල් ආසාදිතයන්ගෙන් පිරීයාමත් සමඟ ඇදන් සංඛ්‍යාව සීමාවී ඇත.

    වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රට වසා දැමීම සිදු කරන බවයි, ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් නව ආසාදිතයන් 36,437ක් වාර්තා විය.

    ඒ අනුව එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1,235,132 දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News