රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දිවයිනෙන් පිටව යයි

ඔක් 28, 2020

    දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස අද පස්වරු 1.06ට පමණ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් ඒ මහතා මාලදිවයින බලා පිටව ගොස් ඇත.

    ඊයේ (27) රාත්‍රී 7.35ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

    ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මුණ ගැසුනු අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.

    අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්විණ.

    Latest News