යුරෝපයේ දෛනික කොරෝනා මරණ සියයට 40 කින් ඉහළට

ඔක් 28, 2020

    යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 40 කින් වැඩිවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශිකා ආචාර්ය මාග්‍රට් හැරිස් පෙන්වා දෙන පරිදි ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය හා රුසියාව ඇතුව රටවල කෝවිඩ් මරණ සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවයි.

    රුසියාවේ දිනකට සිදුවන මරණ ගණන 320 ක්.

    ඉතාලියේ එම සංඛ්‍යාව 221 ක් වේ.

    අමෙරිකාව, ඉන්දියාව හා බ්‍රසීලයට පසුව වැඩිම කෝවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ ද රුසියාවෙන්.

    ඉතාලියේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් විසි දෙදහසක් වාර්තාවී තිබේ.

     

    Latest News