එන්නතක් විස වී දකුණු කොරියාවේ 13 ක් ජීවිතක්ෂයට

ඔක් 22, 2020

    දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

    මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණ හා එන්නත අතර සම්බන්ධයක් ඇති බවට ඔවුන් විශ්වාස නොකරන බවයි.

    මේ වනවිට දකුණු කොරියාවේ මිලියන 13ක පමණ පිරිසකට උණ රෝගය වැළඳී තිබේ.

    පසුගිය මාසයේ සිට නොමිලයේ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර රටේ මිලියන 19ක පමණ ජනතාවක් එන්නත් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත.

    එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගොස් ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙකි.

    වාර්තාවූ අනෙක් මරණ සියල්ල වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර ඔවුන්ගෙන් අට දෙනකුට පමණ වෙනත් රෝග ද තිබී ඇතැයි සඳහන් වේ.

    මරණ සම්බන්දව පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ නායකත්වය දරන මහාචාරය කිමි ජුන් කෝන් මහතා එන්නත් වැඩසටහනේ සුරක්ෂිත බව පිළිබඳව ජනතාවට සහතිකවී ඇති අතර මරණ සිදුවී ඇත්තේ උණ රෝගයේ ප්‍රතිඵලයක් ලෙස නොවන බව ඔහු කියා සිටී.

     

    Latest News