ඊයේ රුසියාවේ හා බ්‍රිතාන්‍යයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වේ

ඔක් 22, 2020

    රුසියාවේත්, බ්‍රිතාන්‍යයේත් මෙතෙක් කල් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබෙනවා.

    පසුගිය පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් නව කොරෝනා ආසාදිතයින් විසිඑක්දහස් තුන්සිය තිස් එක් දෙනෙකු වාර්තා විය.

    ඒ අනුව, එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ හැටදෙදහස් පන්සිය හතළිස් දෙකකද ඉක්මවා යනවා.

    ගෙවී ගිය පැය 24 තුළ රුසියාවෙන් නව ආසාදිතයින් දහසය දහස් තුන්සිය දහනව දෙනෙකු වාර්තා විය.

    යුරෝපයේ රටවල් රැසක කොරෝනා ආසාදිතයින් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

    පසුගිය සතියේ දී රටවල් රැසක් නීතිරීති ලිහිල් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

     

     

    ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ඒ අනුව ආසාදිතයන් මිලියනය ඉක්මවූ පළමු බටහිර යුරෝපිීය රට බවටස්පාඤ්ඤය පත්ව තිබේ.

    පසුගිය පැය 24 දී පමණක් හඳුනාගත් ආසාදිතයන් ගණන දාසය දහස් නවසිය හැත්තැ තුනක්.

    මරණ 156 ක් ද වාර්තා වුණා.

    ස්පාඤ්ඤයෙන් පළමු ආසාදිතයා වාර්තා වුණේ ජනවාරි 31 වනදා බවයි, එරට වාර්තා වල දැක්වෙන්නේ.

    ගෝලීය කොරෝනා ආසාදිත ලැයිස්තුවේ ආසාදිතයන් මිලියනය ඉක්මවූ හය වන රට වන්නේද ස්පාඤ්ඤයයි.

    ඇමරිකාව, ඉන්දියාව, බ‍්‍රසීලය, රුසියාව සහ ආර්ජන්ටිනාව සෙසු රටවලට ඇතුළත්.

     

     

    මෙම මූල්‍ය වර්ෂයේදී ඉන්දීය ආර්ථිකය වර්තා ගත අයුරින් පහළ වැටෙනු ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

    ආර්ථික විද්‍යාඥයන්ගේ මත විමසුම් සහ අදහස් ලබාගනිමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබේ.

    ඉන්දීය ආණ්ඩුව මෑතකදී ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කළ ද ආර්ථික කටයුතු ඉහළ නැංවීමට ඉන් ප්‍රමාණවත් බලපෑමක් වූයේ නැතැයි එම ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති.

    ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 7.7 ඉක්මවයි.

    ඇමෙරිකා එක්සත් ජනපදයට පසු ලොව දෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙන්.

    ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ කොවිඩ් - 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව ආර්ථික රැසක් දරුණු කඩාවැටීමකට ලක්වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම් ද ඇණ හිටියේය.

    ආර්ථික සහන පැකේජ ක්‍රියාත්මක කළ ද නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් අඩපණ වූ ආර්ථික කටයුතු තවමත් වර්ධනය වී නැතැයි, ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එබැවින්.

    ඉන්දීය රජය නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය පැතිර යෑම වැළැක්වීම සඳහා පැනවූ දැඩි සීමා රැසක් මේ වනවිට ඉවත් කර ඇත.

    එම දැඩි සීමා හේතුවෙන් ද ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය.

    Latest News