ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි කුමරුට එරෙහි නඩුවක්

ඔක් 22, 2020

    සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞදි කිරුළ හිමි කුමරුට එරෙහි නඩුවක් ගොනුකර තිබෙනවා.

    ජමාල් කෂෝක්ජිගේ පෙම්වතිය සහ ඔහු ගොඩනගනු ලැබූ මානව හිමිකම් කණ්ඩායමක් මෙම නඩුව ගොනු කර ඇත.

    අමෙරිකා අධිකරණයකදී ගොනුකළ මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර ඇත්තේ, සෞදියේ කිරුළ හිමි කුමරු ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින්.

    මෙම නඩුව සම්බන්ධයෙන් සෞදි තානාපති කාර්යාලය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.

    සෞදි පාලනයේ කෘෘරත්වය සහ ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් කෂෝග්ජි දිගින් දිගටම විවේචනය කරමින් ලිපි ලියා තිබේ.

    Latest News