ප්‍රංශ ජනපති බිරිය බ්‍රිජිට් මැක්‍රොන් හුදකළා වෙයි

ඔක් 21, 2020

    ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

    ඇයව හමුවූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් ඇය ස්ව කැමැත්තෙන් මෙලෙස හුදකලාවී තිබේ.

    මේ අතර, ඊයේ (19) දිනයේ දී ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් හඳුනාගත්තේ යුරෝපා කලාපයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඒ ආසාදිතයන් 137,473 දෙනෙක් ලෙසයි.

    යුරෝපයෙන් ඊයේ කොවිඩ් මරණ 1,068 ක් ද වාර්තාවී තිබේ.

    Latest News