වියට්නාමයට බලපෑ සුළි කුණාටුවෙන් 105 ජීවිතක්ෂයට

ඔක් 21, 2020

    වියට්නාමයට බලපෑ සවුඩෙල් සුළි කුණාටුවෙන් මියගිය පිරිස 105 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ පිලිපීනයට බලපෑ සවුඩෙල් සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර හා නායයාම් රැසක් වාර්තාෙවී ඇත.

    පුද්ගලයින් විසිහතකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි, සඳහන් වන්නේ.

    වසර ගණනාවකින් පිලිපීනයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇතිවී තිබෙන බව සඳහන්.

    නිවාස එක්ලක්ෂ හැත්තෑ අට දහසකට මෙමගින් බලපෑම් එල්ලවී තිබේ.

    වගා භූමි හෙක්ටාර ලක්ෂ හතක් විනාශවී ඇති බව පිලිපීන වාර්තා සඳහන් කරනවා.

    Latest News