ඉතියෝපියාවේ බෝග වගාවන්ට පළගැටියන්ගෙන් දැඩි හානී

ඔක් 21, 2020

    වසර 25කට පසුව ඉතියෝපියාව දරුණුතම පළගැටි උවදුරකට මුහුණ පා සිටී.

    ඉතියෝපියාවේ බෝග වගාවන්ට මෙම පළගැටි උවදුරෙන් දැඩි හානි සිදුව තිබේ.

    මේ හේතුවෙන් එරට මිලියන ගණනක් ජනතාව තවදුරටත් දැඩි ආහාර අර්බුදයකට ද ඉදිරියේදී මුහුණ දෙනු ඇති.

    දැනටමත් පළගැටියන් හෙක්ටාර දෙලක්ෂයක වගා ප්‍රදේශයක් විනාශ කර තිබේ.

    වර්ග කිලෝමීටරයක් තුළ සිටින පළගැටියන්ට මිනිසුන් තිස්පන්දහසක් දිනකදී ලබාගන්නා ආහාර විනාශ කළ හැකියි.

    ලෝක ආහාර ඒජන්සිය පවසන්නේ, ඉතියෝපියාවේ පළගැටි උවදුර මර්දනයට පියවර ගන්නා බවයි.

    Latest News