කොරෝනා එන්නත් පිළිබඳ ක්‍රියාකාරී සැළැස්මට රටවල් හා ප්‍රදේශ 184ක් එක්වේ

ඔක් 20, 2020

    කොරෝනා එන්නත් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට රටවල් හා ප්‍රදේශ 184ක් එක්වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛත්වය යටතේ ක්‍රියාත්මක එම සැලැස්ම දැනට ගෝලීය වශයෙන් ආරක්ෂිත කොරොනා එන්නත් බෙදා ගන්නා සාධාරණ හා ඵලදායීම යාන්ත්‍රණයයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා කියා සිටියේ මේ වනවිට එම සැලැස්මට රටවල් හා ප්‍රදේශ 184ක් එක්ව සිටින බවයි.

    ඉහළ අවදානම් සහිත ජන කොටස් ආරක්ෂා කිරීම, ගෝලීය සෞඛ්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ ගෝලීය ආර්ථිකය පුනරුත්ථාපනය කිරීම සඳහා කොරෝනා එන්නත් සාධාරණ හා ඵලදායී ලෙස බෙදා ගැනීම, වඩාත් කඩිනම් ක්‍රමවේදය බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

    ඊයේ වනවිට විවිධ රටවල පර්යේෂණයන්ට ලක්ව ඇති, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි වූ කොරොනා එන්නත් ගණන 198කි.

    ඉන් 44ක් සායනික අත්හදා බැලීමට යොමු කර ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවිය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනයේ දැක්වේ.

    Latest News