සුඩානය ත්‍රස්තවාදයට සහාය දෙන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යයි

ඔක් 20, 2020

    සුඩානය "ත්‍රස්තවාදයට සහාය දෙන රටවල්" ලැයිස්තුවෙන් ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දුන්නේ, අමෙරිකාවේ ත්‍රස්තවාදයට ගොදුරුවූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඇ.ඩො. මිලියන 335 ක් ගෙවීමට සුඩානය එකඟවී ඇති බවයි.

    අමෙරිකාවට මෙම ගෙවීම ලැබීමෙන් පසු, සුඩානය අමෙරිකානු රාජ්‍ය මණ්ඩලයේ "ත්‍රස්තවාදයට සහාය දෙන රටවල්" ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇතැයි, ඔහු සඳහන් කළේය.

    1993 වසරේදී අමෙරිකානු රජය විසින් සුඩානය "ත්‍රස්තවාදයට සහාය දෙන රටවල්" ලැයිස්තුවට ඇතුළත් කරන ලද අතර, 1996 වසරේ සිට සුඩානයට එරෙහිව ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කෙරිණ.

    සුඩානයට පනවා ඇති ආර්ථික සම්බාධක 2017 වසරේ සිට ඉවත් කරන බව, අමෙරිකාව ප්‍රකාශ කර ඇතත්, සුඩානය තවමත් "ත්‍රස්තවාදයට සහාය දෙන රටවල්" ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

    Latest News