ලොව දෛනික නව කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව ඉහළට

ඔක් 19, 2020

    ලෝකයේ දෛනික නව කොරොනා ආසාදන සංඛ්‍යා අඛණ්ඩව ඉහළ යයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නව දත්ත වලට අනුව,‍ සමස්ත ලෝකයේ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පෙර දිනයට සාපේක්ෂව 392,471කින් වැඩිවී තිබේ.

    එය වසංගතය මතුවීමෙන් පසු එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදන සංඛ්‍යාවයි.

    පසුගිය දින දෙක තුළ එම සංඛ්‍යා පෙර නොවූ ආකාරයෙන් අඛණ්ඩව වැඩිවීමක් පෙන්නුම් කෙරිණ.

    සමස්ත ලෝකයෙන් වාර්තා වූ නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 39,196,259කි.

    මරණ සංඛ්‍යාව 1,101,298 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

    යුරෝපා ප්‍රදේශයේ මෑතක සිට වසංගතය වේගවත්ව යළි උග්‍රවීම, ලෝකයේ දෛනික ආසාදන සංඛ්‍යාව ඉහළ ‍යාමට වැඩි වශයෙන් හේතුවී තිබේ.

    Latest News