ආමේනියා - අසර්බයිජාන සටන් විරාමය උල්ලංඝනය වේ යැයි චෝදනා

ඔක් 19, 2020

    Nagorno - Karabak ප්‍රදේශයේ සටන් විරාමය සඳහා 18 වැනි දින එළඹුණු ගිවිසුම උල්ලංඝනය කරන බවට ආමේනියාව හා අසර්බයිජානය එකිනෙකාට චෝදනා කර ගනී.

    ආමේනියාවේ යුද ගුවන් යානාවක් Jabrayil ප්‍රදේශයේ රැඳී සිටින අසර්බයිජාන හමුදාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළවිට සිදු කළ ප්‍රතිප්‍රහාරයෙන් යානය කඩා වැටුණු බව අසර්බයිජාන ජාතිකාරක්ෂක අමාත්‍යංශය ඊයේ (18) නිවේදනය කළේය. ;

    සටන් විරාම ගිවිසුම වලංගු වීමෙන් පසු ආමේනියානු හමුදාව Gadabay ප්‍රදේශයට ද ප්‍රහාර එල්ල කළ බවට අසර්බයිජානය චෝදනා කර ඇත.

    මේ අතර, ආමේනියානු විදේශ අමාත්‍යංශය ඊයේ නිවේදනයක් කරමින් අසර්බයිජාන හමුදාව Nagorno - Karabakහි දකුණු ප්‍රදේශයේ සිදු කළ ප්‍රහාරයෙන් ජීවිත හානි සිදුවීම හෙලා දුටුවේය.

    ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මැදිහත්වීම යටතේ දෙපාර්ශ්වය සටන් බිමෙන් සිය තුවාල වූ භටයින් ඉවත් කර ගැනීම පිළිබඳ සිය යෝජනාව අසර්බයිජානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ද ආමේනියාව ප්‍රකාශ කළේය.

    Latest News