චීන දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩ වර්ධනයක

ඔක් 19, 2020

    චීන දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව වර්ධනය වේ.

    චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (19) මාධ්‍ය හමුවක් පැවැත්වීය.

    එහිදී චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති ප්‍රකාශිකා, ජාතික ආර්ථිකය පිළිබඳ පොදු සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා ලියු ආයි හුවා මහත්මිය මේ වසරේ මුල් කාර්තු 3 තුළ චීන ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය විස්තර කළාය.

    මේ වසරේ මුල් කාර්තු 3 තුළ චීන දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 72.28කි.

    එය සංසන්දනාත්මක මිළ ගණන් යටතේ 0.7%ක වර්ධනයක් බව ඇය එහිදී කියා සිටියා ය.

    මේ වසරේ පළමු කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය 6.8%කින් පහත වැටුණ ද දෙවැනි හා තුන්වැනි කාර්තුවේදී වර්ධනයක් දක්නට ලැබිණ.

    එහි වර්ධනය වෙන් වෙන්ව 3.2%ක් හා 4.9%ක් විය.

    මේ වසරේ පළමු හා දෙවැනි කාර්තු දෙක සමග සසඳන විට තුන්වැනි කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය 2.7%කින් වර්ධනය වී ඇතැයි ඒ මහත්මිය පැවසුවාය.

    Latest News