බොලීවියා ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කෙරේ

ඔක් 19, 2020

    බොලිවියාවේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීම මේ වනවිට අවසන් බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    එරට ජනාධිපති එවෝ මොරාලිස් බලයෙන් පහ කිරීමෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහායි මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ.

    මැතිවරණයෙන් සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ලුයිස් ආස් ජයග්‍රහණය ලැබීමට වැඩි ප්‍රවණතාවක් පවතින බව වාර්තා වනවා.

    කිසිඳු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නොවැම්බර් මස 29 වැනි දින නැවත ඡන්ද විමසීමක් පැවැත්වෙන බවයි, එරට මැතිවරණ කාර්යාලය සඳහන් කරන්නේ.

    මෙම මැතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු උප ජනාධිපතිවරයෙකු හා කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් 166 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

    හිටපු ජනාධිපති එවෝ මොරාලිස් මේ වනවිට ආජන්ටිනාවේ දේශපාලන රැකවරණය යටතේ සිටින බවයි, වාර්තා වන්නේ.

    Latest News