ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් දැඩි සීමා පැනවේ

ඔක් 18, 2020

    ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ සීමා පනවා ඇත.

    "කොවිඩ් - 19" හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ යුරෝපයේ මුල්ම කේන්ද්‍රස්ථානයට බවට පත්වූයේ ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයයි.

    මෙම කලාපය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙන අතර, ඒ හේතුවෙන් නව සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට බීමහල් වසා දමන්නැයි එරට බලධාරීන් නියෝග කර ඇත.

    මෙම ප්‍රදේශයේ උතුරු ඉතාලියේ පිහිටි ධනවත් කලාපයක් ලෙස සැලකෙන අතර, ක්‍රීඩා ඉසව් ද නවතා දමන්නැයි ද බලධාරීන් ඒවායේ සංවිධායකයන්ට උපදෙස් දී ඇත.

    යුරෝපයෙන් මුල්වරට නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනුණේ මෙම ප්‍රදේශයෙනි.

    ඒ ඉකුත් පෙබරවාරි මාසයේදීය.

    Last modified on ඉරිදා, 18 ඔක්තෝබර් 2020 12:51

    Latest News