දප්පුල ද ලිවේරා මහතා නව නීතිපති ලෙස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලැබිණ.
මාලඹේ මත්ද්‍රව්‍ය වැටලීමක නිරත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරිමේ චෝදනාවෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදොස් කොට නිදහස් කරන්නැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ බව කියන ඇමතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නැයි සිහි කැඳවීමක් කර තිබේ.
ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ජුනි මස 14 දක්වා කල් තැබේ.
කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් හැටන් කොට්ඨාස දුෂණ මර්දන එක්කයේ නිලධාරින් විසින් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණි.
කුලී පදනම මත ලබා ගන්නා රථ වාහන, කොටස් ගලවා අලෙවි කෙරුණු ජාවාරමක් අම්බලන්ගොඩ පොලීසිය විසින් හෙළි කරගෙන තිබේ.
රථවාහන කුලීපදනම මත ලබාගෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම වාහනවල කොටස් අලෙවි කර ඇත. බලපිටිය වෙලගෙදර ප්‍රදේශයේ නිවසක තිබී එලෙස කොටස් ගැලවූ වැගන් ආර් රථයක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණයක් සිදුකර ඇත.
මෙහි ප්‍රධාන සැකකරු ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර ඔහු අධිවේගී මාර්ගය ඔස්සේ පලා යමින් සිටියදී කඩුවෙල පිටවුමේදී පරීක්ෂා කර මිරිහාන විශේෂ අපරාධ ඒකකයට භාර දී ඇත.
මොරටුව පොලිසියේ රාත්‍රි මුර සංචාරයේ යෙදුණු නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සමන්තුරේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනිමෙන් පසු දින 03 රඳවා ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් අවසර දී තිබේ.
නොදන්වා සේවය හැරගිය යුද හමුදා සාමාජිකයින්ට නැවත සේවයට වාර්තා කිරීම සඳහා යුද හමුදාව විසින් ප්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය අදින් (10) අවසන් වේ.