ජනපති කොමිසමේ පැමිණිලි විභාග අවසන් : අවසන් වාර්තාව නොවැම්බර් 09

ඔක් 31, 2020

    දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග අවසන් කර ඇති බව එම කොමිසම සඳහන් කරයි.

    ඒ අනුව එම කොමිසම සඳහන් කළේ, නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව නොවැම්බර් 09 හෝ ඊට පෙර ජනපතිට භාර දෙන බවයි. 

    2015 ජනවාරි 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා අවසන් වූ කාලය තුළ පසුගිය රජය සමයේ දී සිදු වූ දේශපාලන පලිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 9 වන දින අංක 2157/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පරීක්ෂන කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.

    කොමිසමේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගය 2020 ජනවාරි 16 දින ආරම්භ කළ අතර එහි කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 නොවැම්බර් 09 දිනයි.

    පසුගිය ඔක්තෝබර් 29 දින කොමිසමේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගය අවසන්  කෙරිණ.

    හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පන්සල සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.

    කොමිසම වෙත ලැබී තිබූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1842 ක් වූ අතර ඉන් 112 ක් කොමිසම විසින් විභාග කර අවසන් කර තිබෙනවා.

    විභාගයට නොගත් පැමිණිලි වලින් පැමිණිලි 872 ක් දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ අමාත්‍ය කමිටුව වෙත කොමිසම මගින් යොමු කර ඇත.

    Last modified on සෙනසුරාදා, 31 ඔක්තෝබර් 2020 14:51

    Latest News