මෙරට නව චීන තානාපතිවරයා දිවයිනට

ඔක් 31, 2020

    ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් කර ඇති කී සෙන් හොන්ග් ඊයේ සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.231 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    ඔහු නීරෝධායන සහතිකය රැගෙන පැමිණ තිබූ අතර, තානාපති කාර්යාලය තුළ තවදුරටත් ස්වයං නීරෝධායනයේ නිරත වීමට ද නියමිතයි.

    ඔහු පිළිගැනීමට සහ රැගෙන යෑමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

    Latest News