ඊයේ කොරෝනා ආසාදිතයින් 633ක්

ඔක් 31, 2020

    නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 319 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටී.

    එලෙස වාර්තා වූ ආසාදිතයින් 83 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින්ද සෙසු 236 දෙනා ආශ්‍රීතයින් ද වේ.

    ඒ අනුව, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 633ක් වේ.

    මේ වනවිට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ නව කොරෝනා වෛරස පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6946ක්.

    මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,424ක්.

    මේ වනවිට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6123ක් වන අතර, සුවය ලබා ඇති සංඛ්‍යාව 4289ක්.

     

     

    අද (31) උදෑසන වනවිට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

    මේ අතර, තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

     

     

    ගාල්ල සහ අවට ප්‍රදේශවලින් වාර්තාවන කොවිඩ් - 19 අසාධිතයින්ගේ ප්‍රමාණයන් සළකා බලා රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොවිඩ් - 19 හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කන්චිත සමරසේකර මහතා පවසයි.

    මීට සති දෙකකට පමණ ඉහතදී මෙම අධ්‍යාපන විද්‍යා පීඨය ආරක්ෂක හමුදාව විසින් පවරාගෙන නිරෝධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු යොදා තිබුණි.

    කෙසේ නමුත් පවතින අනපේක්ෂිත තත්වයන් හමුවේ විද්‍යාපීඨය හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත් පත්කිරීමට ඇති පහසුකම් පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් අද (30) එහි ගොස් සොයා බලා ඇත.

    එම හුදෙකලා රෝහලට අවශ්‍ය කරන පහසුකම්, ආහාර පාන ලබාදීම් ලබාදීම් ආරක්ෂක අංශ විසින් දිගටම සිදුකරන බව විද්‍යා පීඨය ආරංචි මාර්ග සඳහන් කරයි.

     

     

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.05 වනවිට තවත් ආසාදිතයන් 319 දෙනෙකු එක්වී ඇත.

    ඒ අනුව අද දිනයේදී හඳුනාගත් සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ ගියේය.

    මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6627 කි.

    අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිසත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6946 ක් වේ.

    අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් පිරිසෙන් 83 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, සෙසු 236 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයින් වේ.

     

     

    රට තුළ පවතින කොරොනා තත්වය හේතුවෙන ඉරිදා දින මාතලේ නගරයේ පවත්වනු ලබන පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇති බව, මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසීය.

    නගරය තුළ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන බවද ප්‍රකාශ් මහතා පැවසිය.

     

     

    නවගමුව, වෑක්කෙවත්ත ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබේ.

    එහි සේවකයින් 80 දෙනෙකු පමණ කර්මාන්ත ශාලාව තුළදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කඩුවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රේමසිරි විජේසේකර මහතා සඳහන් කරයි.

    මෙම පිරිස අතර, ඉන්දීය ජාතිකයින් කිහිපදෙනෙකු ද වේ.

     

     

     

    Latest News