20 ගැන බොරු බියක් නිර්මාණයට විපක්‍ෂය උත්සාහ දරනවා; මහාචාර්ය ජී.එල්. පීරිස්

ඔක් 12, 2020

    20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් බොරු බියක් සමාජයේ නිර්මාණය කිරීමට විපක්‍ෂය උත්සාහ දරන බවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. එය පැවැත්වුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    20 වැනි සංශෝධන පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ජනාධිපතිතුමාට හා කතානායකවරයාට දන්වා අවසන්. එය මීළඟ පාර්ලිමේන්තු දිනය වන ඔක්තෝම්බර් 20 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. අනතුරුව, 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ඇරඹිය හැක.

    විවාදයට ගැනෙන දිනය හා කාලය තීරණය කරනු ලබන්නේ, පක්‍ෂ නායක රැස්වීමේදී. දෙවන වර කියවීමේදී එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කළ යුතු වේ. ඊට පසු එළඹෙන කමිටු අදියරයේදී සංශෝධන ඉදිරිපත් කළ යුතුය.

    රජය දැනටමත් සංශෝධන සූදානම් කර ඇති අතර, නීතිපතිවරයා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කර තිබේ. ඊට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන නිර්දේශවලට අනුකූලව තවත් සංශෝධන ඉදිරිපත් කළ හැකි බව, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.

    Last modified on සදුදා, 12 ඔක්තෝබර් 2020 19:33

    Latest News