කොවිඩ්-19; මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුව

ඔක් 12, 2020

    කොවිඩ්-19 තොරතුරු වාර්තා කිරීමේ දී, සැලකිලිමත් විය යුතු කරුණු හා සම්බන්ධීකරණය පිළිබඳව සාකච්ජාවක් අද පැවැත්විණ.

    ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් ඊට එක්වූහ. එහිදී මාර්ගෝපදේශනයන්ට අනුව කොවිඩ්-19 තොරතුරු වාර්තා කිරීම පිළිබඳව සාකච්ජා කෙරිණ.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායක, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිපිටිය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ද ඊට එක්වූහ.

    Latest News