අවුරුදු 60ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීම මේ දිනවල සිදු කෙරේ.

පූර්ණ වශයෙන් එන්නත් ලබාගත් පුද්ගලයින්ට කොවිඩ් රෝගයෙන් එල්ලවන බලපෑම ඉතා අවම බව, අමෙරිකාවනු සමීක්ෂණයකින් යළිත් තහවුරු වී තිබේ.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක් කෝටි හතළිස් පන් ලක්ෂ 10,465ක් ලබාදී තිබේ. ඊයේ දිනයේ දී ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර ලක්ෂ අනූ දහස් 805ක්.

එන්නත්කරණය වැදගත් කරුණක් බැවින් ළගම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙසයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගෙන ඒවා භාවිතයට නොගන්නා රටවල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය අවධානය යොමු කර තිබේ.

මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස සියයට 87.63 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබාදී ඇත්තේ, බස්නාහිර පළාත තුළයි.

නිවසින් බැහැරට රැගෙන යාමට නොහැකි වයෝවෘද්ධ පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් නිවෙස්වලට ගොස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 173,988 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබේ.

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වීමට නියමිතය.

ඒ, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් වෙනුවෙන්, ෆයිසර් එන්නත් අද (07) සිට එන්නත්කරණයට යොදා ගැනීමට තීරණය කර තිබේ.

Latest News