මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අටලක්ෂ හය දහස් 449 දෙනෙක්ට එන්නත් ලබා දී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඊයේ දිනයේ පමණක් 12,292 දෙදෙනෙක්ට එන්නත් ලබා දී තිබේ. එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ,48 වැනි දිනටයි.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ හත් ලක්ෂ 84,500 දෙනෙක්ට එන්නත් ලබා දී ඇතැයි,වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේවනවිට කොරෝනා මර්දන එන්නත මෙරට පුද්ගලයින් 773,011 දෙනෙක්ට ලබාදී ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය පවසයි.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ හත් ලක්ෂ 52,098 දෙනෙක්ට එන්නත් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ලොව ධනවත් රටවල් සෑම තත්පරයකටම එක් පුද්ගලයෙක්ට කොරෝනා වෛරස එන්නත ලබා දෙන අතර දුප්පත්ම ජාතීන්ගෙන් බහුතරයක් තවමත් එන්නතෙහි එකඳු මාත්‍රාවක් හෝ ලබා ගෙන නොමැති බව මහජන එන්නත් සන්ධානය පවසයි.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා හාර ලක්ෂ 41,976 දෙනෙක්ට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි. කොවිඩ් 19 එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ, 31 වැනි දිනටයි.

Latest News