කොරෝනා වෛරස තත්වය පැවතිය ද දකුණු කොරියාව අද සිට 21 වැනි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වයි.

අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් වෙත ඉදිරිපත් වූ නාමයෝජනා සළකා බලා පිළිගත් නාමයෝජනා පස්වරු 1.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මහමැතිවරණයට නාමයෝජනා බාර ගැනීම අද මධ්‍යහන 12.00න් අවසන් විය.

එළඹෙන මහමැතිවරණයට අදාළව නාම යෝජනා භාරගැනීම හා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යහන 12.00න් අවසන් වෙයි.

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක කිහිපයකට අද නාම යෝජනා භාර දුන්නේය.

"කොවිඩ් 19" වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනූව තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන ලබන බව මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම හෙට දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. එය අවසන් වීමට නියමිතව තිබුණේ අද දිනයේදී.

ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (12) ආරම්භ වනවා.

එළැඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22 සඳහා තේරීම් බාර නිලධාරීන් ලෙස එම පරිපාලන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කර තිබේ. මැතිවරණ කොමිසන් සභාව වෙත මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පත් කිරීම සිදු කෙරිණ.

මැතිවරණයට අදාළ පැමිණිලි බාර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

Latest News