ඉන්ෆ්ලුවන්සා එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ

ඔක් 17, 2020

    උතුරු අර්ධගෝලයට ශීත ඍතුව ළඟා වෙත්ම නව කොරොනා වසංගතය පවතින මෙ‍ම අවධියේ ඉලක්කගත කණ්ඩායම් පහකට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කරයි.

    එම කණ්ඩායම් පහ වන්නේ ගර්භනී කාන්තාවන්, මූලික රෝගාබාධ ඇති පුද්ගලයින්, වැඩිහිටියන්, සෞඛ්‍ය සේවකයින් සහ ළමුන්ය.

    මෙම කණ්ඩායම් පහ අතර සෞඛ්‍ය සේවකයින් සහ වැඩිහිටියන් ඉන්ෆ්ලුවන්සා එන්නත සඳහා ප්‍රමුඛතා කණ්ඩායම් බව විශේෂඥයෝ පෙන්වා දෙති.

    COVID - 19 සහ හෙම්බිරිස්සා උණ වළක්වා ගැනීම සඳහා ගනු ලබන බොහෝ ක්‍රියාමාර්ග සමාන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (16) පැවසීය.

    ආරක්ෂිත හා ඵලදායී නව කොරොනා එන්නතක් නොතිබුණද, ඵලදායී ඉන්ෆ්ලුවන්සා එන්නතක් පවතී.

    නමුත් සමහර රටවල ඉන්ෆ්ලුවන්සා එන්නත සඳහා ඇති ඉල්ලුම - සැපයුම ඉක්මවා යෑම වර්තමානයේ ඇති අභියෝගයක් බව ද ඔහු පැවසීය.

    Latest News